ජනාධිපතිවරණයක් නෑ… රනිල්ට තව අවුරුදු 05ක් දෙන්න ජනමත විචාරණයක්…!

May 25, 2024 at 9:16 am | by emanisa.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙන නමුත් එම අවස්ථාව මගහැර ජනමත විචාරණයක් මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සාකච්ඡා වී ඇතැයි විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ම ජුනි දෙවන සතිය වන විට ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න එම පාර්ශ්වයෙන් හෝ එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ යුතුව තිබියදී මේ වන තුරුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නොහැකි තරමේ අර්බුදයක් පැනනැගී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය මේ වසරේ පවත්වන බවට නිල වශයෙන් නිවේදනයක් නිකුත්කර නොතිබීම ද මීට හොඳ ම උදාහරණය බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

1977 පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් හිමිකර ගත් ජේ.ආර්. ජයවර්ධන මහතා 1982 ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුවේ කාලය වසර 5කින් දීර්ඝ කර ගත්තේ ය.

විශේෂයෙන් ම ජනාධිපතිගේ කාලය දිගු කර ගැනීමට ජනමත විචාරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලය අවශ්‍ය අතර මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පනත් රාශියක් සම්මත කර ගත්තේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොවැම්බර් 17 වන විට ජනපතිගේ ධූර කාලය අවසන් වන හෙයින් නිශ්චිත ලෙස ම නව ජනාධිපතිවරයකු දිවුරුම් දිය යුතු වන අතර එවැනි ව්‍යවස්ථාමය තත්ත්වයක් යටතේ ජනමත විචාරණයක ඇති වලංගුභාවය පිළිබඳව නීති අංශවල ද මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *