ජනාධිපතිතුමාට බලය නොදී සිරකරල…! ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික ගමනක…! අගමැති වේදනාවෙන්… පරාජය නියතයි…! පොහොට්ටු මන්ත්‍රී…

November 28, 2021 at 6:07 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දේශපාලන බලයක් නොලැබෙන ආකාරයේ ආකෘතියක් තුළ ඔහු සිර කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස චෝදනා කරයි.

මෙය ඉතාම සැලසුම් සහගත ලෙස සිදුකරන ලද දෙයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිතුමන් මෙම සන්ධානය තුළ නායකයා බවට පත් විය යුතු නමුත් දේශපාලන වශයෙන් එතුමා දේශපාලන බලවේගවලට නායකත්වය සපයන්නේ නැති බව ද ඔහු පැවසීය.

ජනාධිපතිතුමාට එතනින් ඈත් කර වෙනම තැනක සිර කර ඇත්තේ සැලසුම්කරුවන්ට අවශ්‍ය පරිදි ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික මාවතක ගමන් කරවීමට බවද ඔහු පෙන්වා දෙයි.

අගමැතිතුමන් පොහොට්ටු සමුළුවේ දී ඉතා ම වේදනාවෙන් කතා කළේ, මෙම තත්ත්වය දැකීමෙන් බව ද ඔහු පැවසීය.

පවතින තත්ත්වය තවමත් නිවැරදි වී නැතැයි පවසන ඔහු, මෙහෙම ගියොත් මෙය කෙළවන්නේ පරාජයකින් බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *