රනිල්ට බැරි වුණාට මට හොරු අල්ලන්න පුළුවන්….! – සජිත්…

June 4, 2023 at 3:33 pm | by emanisa.lk

වත්මන් ජනාධිපතිවරයාට හොරු ඇල්ලීමට නොහැකි වුවත් ඒ හැකියාව සමගි ජනබලවේගය සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

රට බංකොලොත් වූයේ ලක්ෂ 220ක් වූ ජනතාව නිසා නොව රටේ සම්පත් දේපළ සොරා කන ලද රාජපක්ෂ පාලනය නිසා බවත් හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු අල්ලන වැඩේ සිදු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට අවශ්‍ය වී ඇත්තේ එම මුදල් ලබා ගැනීම වුවත් හොරුන්ගෙන් පත්වූ ජනාධිපතිවරයාගේ පදනම වී ඇත්තේ රට විනාශ කළ හොරා කෑ රාජපක්ෂ පරපුර සහ ඔවුන්ගේ හිතවාදී මන්ත්‍රීවරුන් ආරක්ෂා කිරීම බවත් විපක්ෂ නායකවරයා කීවේය.

රට පත්ව ඇති බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට ඇති පහසුම ක්‍රමය කොමිස්වලින් අල්ලසින් හා හොරා කෑ මුදල් නැවත ලබා ගැනීම බැවින් පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ඩොලර් කෝටි ගණනක් මුදල නැවත ලබා ගත යුතු බවත් උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම මෝධි ගම්මානයේ පැවැති ජනහමුවක දී ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *