ජනපති සහායට නව සන්ධානයක්… නායකයා දිනේෂ්…ලේකම් රමේෂ්…!

September 5, 2024 at 12:38 pm | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද සිදුකෙරිණි. එම සන්ධානයේ සලකුණ කුසලානයයි.

සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් විය.

එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *