පොහොට්ටු මන්ත්‍රීන්ට ජනාධිපති අපේක්ෂකයා ගැන කතා කිරීම තහනම්…!

April 30, 2023 at 10:41 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට එම පක්ෂයේ නායකයින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරණයට තවත් වසරකට වැඩි කාලයක් ඇති බැවින් අපේක්ෂකයින් පිළිබඳ අදහස් දැක්වීමෙන් ගැටලු මතුවීම මීට හේතු වී තිබේ.

ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර වැනි ඇමතිවරුන් පසුගිය දිනවල මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළයුතු බව ප්‍රකාශ කිරීම ආන්දෝලනයට ලක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස