ජනපති සටන උණුසුම් කරමින් මෛත්‍රී ඇමරිකාවට..!

February 12, 2024 at 11:19 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) අලුයම ඉන්දියාව හරහා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

ඔහු අද දින අලුයම 02.50 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 284 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලාංකිකයන් සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනහමු කිහිපයක් එහිදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් මාතරගේ මහතා අනාවරණය කරයි.

මෙම ජනහමු මාලාව එළඹෙන 02/15 දින සිට ආරම්භ කිරීමට නියමිත බව ද මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *