ජනපති රනිල් අභීත යුග පුරුෂයෙක්…! මුළු රට ම අද ඔහු සමගයි..! – ඇමැති නිමල් සිරිපාල…

August 11, 2022 at 10:55 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය, විශිෂ්ට නායකත්වය රටේ බහුතර ජනතාව කිසිදු පැකිලීමකින් තොරව පිළිගන්නා බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ජනමත විචාරණයක් හෝ ඡන්දයක් පැවැත්වුවහොත් ඒ බව පෙනීයනු ඇතැයි ඇමැතිවරයා අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අභියෝගයට මුහුණ දීමට නිර්භීත ලෙස ඉදිරිපත් වූ යුග පුරුෂයෙක් බවයි, අමාත්‍යවරයා පවසන්නේ.

ඔහු තමන්ගේ දේශපාලන අනාගතය ගැන හෝ වෙනත් කරුණක් ගැන නොතකා අභියෝගය බාර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

ජනාධිපතිගේ නායකත්වය යටතේ රට යන දිශාව ඉතා පැහැදිලි බව ද අමාත්‍යවරයා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *