රජය සිදු කරන සියලු අත්අඩංගුවට ගැනීම් වහාම නතර කළ යුතු බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.
මේ වන විට ජනාධිපතිවරයාගේ ඇඳේ හාන්සි වූ පුද්ගලයින් ද ඔහුගේ ටොයිලට් එකට ගිය පුද්ගලයින් ද සෙල්ෆි ගැසූ පුද්ගලයින් ද අත්අඩංගුවට ගනිමින් ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කරයි.
ජනතාව පිබිදී ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම නිවැරදි බව සියලු දෙනා ම පිළිගන්නා බව ද ඔහු පෙන්වා දෙයි.
එම ජනතා නැඟිටීමේ දී සිදු වූ සුළු සුළු ක්‍රියාකාරකම් අපරාධ නොව දඟකාරකම් බවත් ඒවා අපරාධ ලෙස සලකා අත්අඩංගුවට ගැනීම විශාල අපරාධයක් බවත් වාසුදේව නානායක්කාර අවධාරණය කරයි.