ජනපති මැදිහත් වුණොත් රු. 135ට හාල් දෙන්න පුළුවන්…! – වෙළඳ සංගමය…

November 18, 2024 at 2:43 pm | by emanisa.lk

පවතින සහල් ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙස සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි.

රජයේ පාලන රුපියල් 220ක් වුවත් මෝල් හිමියන් සහල් නිකුත් නිකුත් කරන්නේ ද රුපියල් 230 සිට ඉහළින් බවට එම සංගමය චෝදනා කරයි.

මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහල් ආනයනය කර ජනතාවට සහන මිලට සහල් ලබා දීමට පියවර ගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

ඉන්දියාවෙන් සහල් කිලෝවක් රුපියල් 135ක් වැනි මුදලකට මෙරටට ගෙන්විය හැකි බව ද එම සංගමය පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *