වහා පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (21) මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමට පොදුජන පෙරමුණු හිටපු පළාත් පාලන ආයතන ප්රධානීන් තිස් දෙනෙකු පසුගියදා ජනාධිපති රනිල් වික්රමසිංහ ද හමු වී තිබේ.
එහිදී පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම හේතුවෙන් එයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති අතර මෙම හමුව සඳහා පොදුජන පෙරමුණු මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගි වී තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් පළාත් පාලන ඡන්දයට නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයන්ට විවිධ තහංචි පනවා ඇති චක්රලේඛ අවලංගු කරන ලෙස රජයෙන් සහ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමට ද පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
මෙම සතියේදී මේ පිළිබඳව පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්ෂ සමඟද සාකච්ඡා කර ගත හැකි ඉදිරි ක්රියාමාර්ග ගැනීමට පොදුජන පෙරමුණු මන්ත්රීවරුන් කණ්ඩායමක් සූදානමින් සිටින බව ද දැනගන්නට ඇත.