ජනපති ධූරයෙන් මා නෙරපූ කුමන්ත්‍රණය..! – සියලු රහස් එක්ක ගෝඨාභයගෙන් පොතක්…

March 6, 2024 at 3:12 pm | by emanisa.lk

ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෘතියක් රචනා කොට තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ජනාධිපති ධූරයෙන් තමා නෙරපීමේ කුමන්‍ත්‍රණය ආරම්භ කළේ වසංගතය පාලනය කොට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම ආරම්භ වූ පසු බවයි.

මැතිවරණ ඔස්සේ සාමකාමී බල හුවමාරුවක් සඳහා පුරුදු වී සිටි ලංකාවට 2022 සිදුවීම නව මානයක් බවත් සිය කෘතිය ඔස්සේ ජාත්‍යන්තර සහය ඇතිව පාලනතන්ත්‍ර වෙනස් කිරීමේ ඍජු අත්දැකීම් විවරණය කරන බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මෙම කෘතිය හෙට (07) සිට මිලට ගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *