ජනපති දැඩි තීන්දුවක… නීතිපතිගේ නම යළි යවයි…!

June 23, 2024 at 3:37 pm | by emanisa.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කරනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් ක්‍රියාකාරීන් තිදෙනා එක ලිපියක් මගින් අදාළ තීරණයට විරෝධය පළ කිරීමේ තීන්දුව ගැන ඇති නීතිමය තත්ත්වය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කිරීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් අගවිනිසුරු නීතිපති ඇතුළු තනතුරු වෙනුවෙන් පුද්ගල නාම ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් කළ යුතු බවට වගන්තියක් සම්මත වුවද එය 20 වැනි සංශෝධනයෙන් ඉවත් කරනු ලැබීය.

නැවතත් 21 වැනි සංශෝධනය යටතේ 19 වැනි සංශෝධනයේ තිබූ වගන්තියම ඇතුළත් කළ ද ව්‍යවස්ථාදායක සභාව ජනාධිපති නිර්දේශ කරන නමක් ප්‍රතික්ෂේප කළහොත් එම නම නැවත යොමු කළ හැකි බව ද එහි දක්වා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *