ජනපති දර්ශනය මගෙත් දර්ශනයයි….! එකතු වුණොත් රට ගොඩගන්න පුළුවන්…! – හර්ෂ….

August 4, 2022 at 11:50 am | by emanisa.lk

සීමිත කාලයක් සඳහා හෝ සර්ව පාක්ෂික හෝ බහුපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

එසේ සිදු කළහොත් අලුත් රටක් ගොඩනඟා අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි බවද හෙතෙම කියා සිටියි.
ඔහු මේ බව සඳහන් කරන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

ශ‍්‍රී ලංකාව ඉන්දු පැසිපික් ආර්ථික බල ප්‍රදේශය තුළ කේන්ද්‍රස්ථානයක් ලෙස නාවික අපනයනය ක්‍රියාවලියට නැඹුරුවී තරඟකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් දක්වා දියුණු කළ යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළට තමන් එකඟ බවත් එය තමාගේ ද දර්ශනය බවත් හෙතෙම සඳහන් කරයි.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා විශාල ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බව ද පවසන ඔහු මහජනයා එකඟ කරවා ගැනීමද කළ යුතු බව ද කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *