විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ නවයේ නායකයන් අද(18) පස්වරුවේ හමුවිය.
සමගි ජන බලවේගය වෙනුවෙන්, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද පක්ෂ නවය වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රේමනාත් දොලවත්ත, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වූහ.
ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමට තමා ද ඉදිරිපත් වන බැවින්, ඊට සහය ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස එම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.