ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන බදාදා (13) සිය ඉල්ලා අස්වීම කතානායකවරයාට ලබා දීමට සූදානම් බව ඉහළ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඊට පෙර ලබන වසරේ මාර්තුවලට පෙර ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීමට නියමිත බව ද දැනගන්නට තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබේ.
එයින් අනතුරුව අගමැතිවරයාට හෝ වෙනත් නායකයෙකුට ජනාධිපති ධූරයේ දිවුරුම් දිය හැකිය.