ජනපති ඉල්ලා අස්වෙන්න සූදානම්…!

April 20, 2022 at 1:34 pm | by emanisa.lk

පක්ෂ නායකයන් සියලු ම දෙනා ඉල්ලා අස්වෙන්න කියන්නේ නම් ජනාධිපති ඊට සූදානම් බව කතානායකතුමා පක්ෂ නායක රැස්වීමේදී පවසයි.

මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ සියලු ම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව සම්මත කරන්න සූදානම් යැයි අවධාරණය කළේය.

මිනීමරු ලේවැකි ඉතිහාසයක් ඇති රාජපක්ෂ ආණ්ඩුව අද යලිත් ඒ ත්‍රස්තවාදී පන්නයේ සුපුරුදු පිළිවෙතට ඇතුල් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

එදා උගන්ඩාවට වතුර දීපු රාජපක්ෂ ආණ්ඩුව, රතුපස්වල වතුර ඉල්ලපු අපේ මිනිස්සුන්ට වෙඩි තිබ්බ ආණ්ඩුව, එදා භූමිතෙල් ඉල්ලපු ධීවරයින්ට වෙඩි තිබ්බ ආණ්ඩුව අද නැවත ඉතිහාසය ලියමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ලලිත්, කූගන් වගේ තරුණයො අතුරුදන් කළේත්, ලසන්තලා මහ දවල් ඝාතනය කළේත් මේ ආණ්ඩුව බව ද පැවසීය.

මේ බියගුලු ප්‍රහාරය පිළිබඳ විශ්‍රාමලත් විනිසුරුවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හරහා වහාම පරීක්ෂණයක් කළයුතු බවත් අදම පක්ෂ නායක රැස්වීමකට ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලේකම්, පොලිස්පති, ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කැඳවිය යුතු බවත් විපක්ෂ නායකතුමා ඇසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *