ජනපති අනුරපුර ජයබිමෙන් මැතිවරණ සටනට බසී! පොහොට්ටුව දිනවන්න ජන හමු මාලාවක්!

July 3, 2020 at 11:03 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (03)අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙයි.

ඒ අනුව මහ මැතිවරණයට තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට සහභාගිවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පෙරවරු 10 ට තලාව –තම්මැන්නාව නිදහස් උයනේ පළමු ජනහමුව ආරම්භවීමට නියමිතය.

මේ සමගම ජනාධිපතිවරයා සමග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සජිත් ප්‍රේමදාස කළ යෝජනාව ප්‍රතික්ෂේප වන බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස