ජනාධිපති අනුර දිසානායකට මාමා කියන අය විශාල පිරිසක් ජනාධිපති මාධ්‍ය අංශයේ සිටින බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සඳහන් කරයි.
එම නිසා තොරතුරු දැනගැනීමේ පනත යටතේ පවා එම පිරිස පිළිබඳ තොරතුරු හෙළි කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු චෝදනා කරන්නේ තොරතුරු දැනගැනීමේ පනත කඩාකප්පල් කරන්න මාලිමා ආණ්ඩුව වැඩ කරමින් සිටින බවටය.