ජනපතිගේ අලුත් කමිටුව පිළිගන්නේ නෑ…! – සිරිල් ගාමිණී පියතුමා…

June 15, 2024 at 12:11 pm | by emanisa.lk

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපතිවරයා පත්කළ කමිටුව නොපිළිගන්නා බව කොළඹ අගරදගුරු පදවිය මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා අවධාරණය කරයි.

ඒ ඊයේ (14) කතෝලික මැදුරේ දී මාධ්‍ය හමුවකට එකතු වෙමිනි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබීය.

“ජනපති කොමිසමේ නිර්දේශ ඉටුකරන ලෙස ඉල්ලුවා. නිර්දේශ ක්‍රියාත්මක කරලා නැහැ. ජනපති පත්කළ නව කමිටුව පිළිගන්නේ නැහැ. නිලන්ත ජයවර්ධන, සුරේෂ් සලේ, පොලිපතිවරයා මේ කමිටුව ඉදිරියේ පරීක්ෂණයට ලක්වෙනවා. ඒ අය ධුරවල තියාගෙන සාධාරණ පරීක්ෂණයක් කරන්නේ කොහොමද?

මැතිවරණ ඉලක්ක කරගෙන මිනිස්සු රවට්ටන්න හදනවා. අපි යෝජනාවක් කරන්න කැමතියි රාජ්‍ය නිලධාරීන්ට නඩු පැවරිය හැක්කේ නීතිපතිට. නීතිපතිවරයා දේශපාලනීකරණය වෙලා. මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා. විශේෂ නිලධාරියෙකු හා කාර්යාලයක් ස්ථාපිත කරන්න. තව දුරටත් මුදල් නාස්ති කරලා කල්මරලා වැඩක් නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *