ජනාධිපතිවරණයට පෙර පැවති රජය මගින් එම මැතිවරණය පැවැත්වෙන කාල සීමාවේදී අනුමත කළ ජනතා සහන මහ මැතිවරණය පැවැත්වෙන කාල සීමාවේදී ලබා දීමට කිසිදු බාධාවක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.
ඒ අනුව ගොවීන් සඳහා ලබාදීමට නියමිත රුපියල් 25,000ක පොහොර සහනාධාරය, ධීවරයන් සඳහා වූ ඉන්ධන සහනාධාරය සහ විශ්රාමිකයන් සඳහා වූ රුපියල් 3,000ක දීමනාව ඇතුළු දීමනා දැන් ලබාදීමට හැකි බවද ඒ මහතා සඳහන් කරයි.
ඒවා අත්හිටුවනු ලැබුවේ ජනාධිපතිවරණය අවසන් වනතෙක් පමණක් බවද ඔහු පවසයි.