ජනතාව හූරං කන උඹලට මේවට එන්න බෑ..! – කැලණි දෙසුමට ආ ඩඩ්ලිට අන්තරේ විරෝධය…

January 14, 2024 at 5:01 pm | by emanisa.lk

කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ දේශනයක් සඳහා පැමිණි ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට ශිෂ්‍ය සංවිධානයක සිසු පිරිසක් විරෝධය පළකර තිබේ.

සිය විශ්වවිද්‍යාලය ඩඩ්ලි සිරිසේනලාට දේශන කළ හැකි තැනක් නොවන බවයි, එහි දී විරෝධය පළ කරමින් සිසුවෙකු ප්‍රකාශ කළේ.

සහල් සඟවා ජනතාව හූරා කන එවුන් දේශනවලට කැඳවන්නේ විශ්වවිද්‍යාලයේ වැටුප් ලබන ආචාර්යවරුන්ට දේශන කළ නොහැකි දැයි ඔවුහු ප්‍රශ්න කරති.

කෙසේ වුව ද සිසු පිරිස මෙම විරෝධතාව සිදු කර ඇත්තේ ඩඩ්ලි සිරිසේන පශ්චාත් උපාධි පීඨයේ දේශනය අවසන් කොට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් නික්ම යන අවස්ථාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *