ජනතාව සජිත්ගේ කතාව අහලා ගෙදර ගියා…! ෆොන්සේකාගේ කතා අහන්න කවුරුත් ආවේ නෑ..! – මරික්කාර්…

December 14, 2022 at 8:25 am | by emanisa.lk

සමගි ජන බලවේග තුන්වෙනි වාර්ෂික සමුළුව සඳහා අතිවිශාල ජනතාවක් එකතු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

තමා කොළොන්නාව තෙල් ටැංකි අසල සිට ජනතාව 2500ක් රැගෙන කැම්බල් පිටියට පැමිණි බව ද ඔහු අනාවරණය කළේය.

කැම්බල් පිටියේ පුටු 9900ක් පිරී ඉතිරි ගොස් ජනතාව අසල මාර්ගවල ද රැස්කමින් සිටි බවයි, මරික්කාර් සඳහන් කළේ.

එවැනි ජනරැලිවල පක්ෂ නායකයා කතා කළ පසු සෙනග විසිර යන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

කැම්බල් පිටියේ ජනහමුවේ සෙනග නැතැයි සජබ සභාපති සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සජබ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී එස්.එම්. මරික්කාර් මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *