පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කිරීමක් බවත් ඊට තමන් විරුද්ධ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
රටේ මතුව තිබෙන ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදය නිසා ජනතාවගේ මැතිවරණ උද්‍යෝගය පහළ වැටී ඇති බවත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් ලෙස මෙය සලකන බවත් හෙතෙම කීය.
කෙසේ වෙතත් මේ අවස්ථාවේ මැතිවරණයක් අවශ්‍යය ද යන්න පිළිබඳ ජනතාවට ප්‍රශ්නයක් ඇති වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.