විදුලි බිල නැවතත් වැඩි කරමින් ජනතාව මත බර පටවන ආණ්ඩුව දේශපාලනඥයින්ගේ කිසිදු වරප්‍රසාදයකට අත නොතබන්නේ මන්දැයි ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රශ්න කරයි.
දේශපාලනඥයින්ට යාන වාහන, ගේ දොර,කාර්යාල, සේවක මණ්ඩල, දුරකතන, වැටුප් පමණක් නොව පාර්ලිමේන්තුවේ වාඩි වන වාරයක් පාසා දීමනා ලබා දෙන බවයි, එහිමියන් සඳහන් කළේ.
ඇල්ලේ හිමි සඳහන් කළේ, ජනතාව සියලු කැප කිරීම් කරන අතර දේශපාලනඥයින් කිසිදු වරප්‍රසාදයක් අතනොහැර සියල්ල භුක්ති විඳින බවයි.
ජනතාව දුක් විඳින අතර නිවාඩු දිනවල බොහෝ දේශපාලනඥයින් විවේකය සඳහා විදෙස්ගත වෙමින් සැප විඳින බවත් ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රකාශ කරයි.