ජනතාව ඡන්දේ දුන්නේ එක එකාට රජවෙන්න නෙමෙයි….! හැමෝ ම එකතු වෙලා ජනතාව රජ කරවමු..! – නාමල්…

January 20, 2022 at 5:36 pm | by emanisa.lk

ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සිත් තුළ ඇති කරුණු කාරණා එළිමහනේ කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

අද (20) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කැබිනට් මණ්ලයේ දී හෝ ආණ්ඩු පක්ෂයේ රැස්වීමක දී පමණක් තම අදහස් දැක්විය යුතු බවත් දේශපාලන නායකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාට නොයෙකුත් චෝදනා එල්ල කරනවා. ඔබතුමා රජවෙන්න ඉන්නවා කියලා.

“මේ රටේ ජනතාව අපිට ඡන්දේ මේ එක එකාට රජවෙන්න නෙමෙයි. ඒ නිසා අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා නම් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කළ යුතුයි. අපි කවුරුත් තනි තනියෙන් රජවෙන්න උත්සහ නොකර ජනතාව රජකරවන්න උත්සහ කරොත් හොඳයි මේ අපහසු අවස්ථාවේ.

මොකද ගෝලීය වසංගතයක් තියෙනවා. ලංකාවට ඒ වසංගතය බලපාලා තියෙනවා. ගෝලීය ආර්ථික අවපාතයක් තියෙනවා. අපේ රටේ ආර්ථිකයට යම්කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ මං හිතන්නේ අපි එක එක්කෙනා රජවෙන්න දඟලනවා වෙනුවට අපිට ජනතාව ඡන්දේ දීපු පොරොන්දු ඉෂ්ට කරොත් තමා මේ රටේ ජනතාව රජකරවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෞද්ගලික මතිමතාන්තර පැත්තක තියලා ජනතාවගේ අවශ්‍යතා ඉටුකරගන්න මැදිහත් වුණොත් හොඳයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *