ජනතාව කබළෙන් ළිපට… විදුලි බල ඇමතිගේ ගමට දවස් හතරක් තිස්සේ විදුලිය නෑ…!

March 26, 2025 at 10:29 am | by emanisa.lk

ඉංගිරියේ අවට ප්‍රදේශ කිහිපයකට දින 4ක් මුළුල්ලේ විදුලි සැපයුම ඇනහිටීමෙන් ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

ඉංගිරිය රයිගම්වත්ත ප්‍රදේශයට හමාගිය සුළඟකින් ගස් කිහිපයක් කඩා වැටී අධිබලැති විදුලි රැහැන් කණු 3ක් බිඳවැටී ඇත්තේ පසුගිය මාර්තු 22 වනදා පස්වරුවේදීය.

මේ හේතුවෙන් ඉංගිරියේ සිට කොළඹ දක්වා ඇති හඳපාන්ගොඩ, මහා ඉංගිරිය, රයිගම්වත්ත, ඉමගිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට දින 4ක් මුළුල්ලේ විදුලිය ඇණ හිට තිබේ.

ඔවුන් චෝදනා කරන්නේ විදුලිබල මණ්ඩල සේවකයන් අකාර්යක්ෂම ලෙස කටයුතු කරමින් සිටින බවටයි.

මේ නිසා විදුලි පෑස්සුම්කරුවන්, ස්වයංරැකියා කණ්ඩායම්, ව්‍යාපාරිකයන්, මෙවර සාපෙළ විභාගයට පෙනී සිටින සිසුන් ඇතුළු ජනතාව බලවත් අපහසුතාවට ලක්ව තිබේ.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 4ක සිට වෙහෙසුන ද යළි විදුලි සැපයුම ලබාදීමට ඔවුන් අසමත් වී තිබේ.

ගම්වාසීන් පවසන්නේ, හඳපාන්ගොඩ ප්‍රදේශය විදුලිබල අමාත්‍යවරයාගේ ගම් ප්‍රදේශය වන බැවින් ඒ පිළිබඳව සළකා හෝ විදුලි සැපයුම යථාවත් කිරීමට කටයුතු කරන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *