වර්තමාන ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාව මහා ඛේදවාචකයකට මුහුණපා ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
සමගි ජන බලවේග මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මෙවර ජනතාවට සිංහල අවුරුද්ද සැමරීමට නොලැබෙනු ඇති බවයි.
සිය දරුවන් අපේක්ෂා කළ ආකාරයට අවුරුදු සැමරීමට නොහැකි වීම නිසා දෙමාපියන් අපේක්ෂාභංගත්වයට පත්වනු ඇති බවත් අර්බුදය ආරම්භ වනු ඇත්තේ එතැන් සිට බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.
මේ රටේ ජනතාව සිංහල අවුරුද්ද සමග ආණ්ඩුවට එරෙහිව නැඟී සිටිනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
හිටපු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමිනි.