තවත් වසර දෙකකින් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවට පළවන වාර්තාවන් ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
අගමැතිවරයා වසර දෙකකින් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සුදානම් වන බවට පළවූ මාධ්‍ය වාර්තා ගැන අදහස් පළකරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
“ජනතාව බලය ලබා දුන්නේ වසර 05ක කාලයක් සඳහායි. ඒ නිසා එම කාලය අවසන් වන තෙක් කටයුතු කරනවා. මාධ්‍ය වාර්තා කරන විදිහට වසර දෙකකින් ධුරයෙන් ඉවත්ව යාමට කිසිදු තීරණයක් ගෙන නැහැ” යැයි අගමැතිවරයා ඉංග්‍රීසි පුවත්පතක් සමග පැවති සාකච්ජාවකදී ප්‍රකාශ කර තිබේ.
ඉකුත් අගෝස්තු 05 වෙනිදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අගමැතිවරයා එහිදී මනාප 527,364ක් ලබා ගනිමින් ඉතිහාසයේ මෙතෙක් වැඩිම මනාප ලබා ගත් මන්ත්‍රීවරයා බවට පත්විය.