ජනතාවට පාන් කියා ගන්නත් බැරි වෙන ලකුණු… සියලු බේකරි නිෂ්පාදන මිල ඉහළට…!

October 30, 2026 at 12:39 pm | by emanisa.lk

ග්‍රෑම් 450ක බරින් යුත් පාන් ගෙඩියක සහ බේකරි නිෂ්පාදන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

ඒ අනුව පාන් මිලට අමතරව බනිස් ඇතුළු සියලුම කෙටි ආහාර (Short Eats) සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද රුපියල් 5කින් ඉහළ යනු ඇත.

සංශෝධිත මෙම නව මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මේ අතර 2026 සැප්තැම්බර් මස උද්ධමනය 8% දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *