ඩෙංගු රෝගීන් හැත්තෑදහසක් වාර්තා වූ පමණින් ලංකාවට විසාලා මහනුවර යැයි කිව නොහැකි බවත් විසාලා මහනුවර ඩෙංගු නොතිබූ බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරණ වාදපිටිය දේශපාලන සාකච්ඡාවට එකතු වෙමිනි.
“සංවාදය පටන් ගත්තේ මේක විසාලා මහනුවරක් කියලා. ඔව් අපේ රට විසාලා මහනුවරක්. රටේ දුටු දුටු තැන තෙල් පෝලිම්. තෙල් පෝලිම්වල මිනිස්සු හෘදයාබාධ හැදිලා මැරිලා වැටෙනවා. හැම තැනම ගෑස් පෝලිම්.”
මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත සඳහන් කළේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් ප්‍රශ්න රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ විසඳූ බවත් එකල උද්ධමනය ඍණ වූ අතර අද රු.340ක් වන ඩොලරයක වටිනාකම මාලිමාවට රට භාරදෙන විට රු. 294ක් වූ බවයි. එසේම මේ වන විට රටේ ඩෙංගු රෝගීන් 70 000ක් සිටින අතර එහෙයින් රෝග බිය සහිත රට විසාලා මහනුවරක් බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් රුවන් මාපලගම නැවත ප්‍රශ්න කළේ “විසාල මහනුවර ඩෙංගු තිබුණාද?” යනුවෙනි.