ජනතාවට කන්න බත් මුලක් වෙනුවට බිලී පිත්තක්… කන්තලේ සීනි ඉඩම් අක්කර 11000ක් ගොවීන්ට…!

October 12, 2024 at 9:12 am | by emanisa.lk

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙරේදා (10) උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව අක්කර පහකට නොවැඩි ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ (10) ජනාධිපති කාර්යාලයේ දී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් හමු වූ අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *