ඡන්ද ගුණ්ඩුවලට අහුවෙන්නෙපා…! අරගලයට අද ම කොළමට එන්න..! – ගල්වැව සිරිධම්ම හිමි….

January 16, 2023 at 10:22 am | by emanisa.lk

අද (16) සිට නැවතත් අරගලය ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

ඒ, දරාගත නොහැකි ජීවන වියදමට සහ ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිවය. වෘත්තීය සමිති බහුජන සංවිධාන ද තමන් සමග එකතු වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

කිසි ම පාර්ශ්වයකගේ ඡන්ද ගුණ්ඩුවකට තමන් හසුනොවන බවට ඔප්පු කර පෙන්වීමට ලැබෙන හොඳම අවස්ථාව මෙය බැවින් අද කොළඹට එන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියෝ පැවැසූහ.

ඒ ඊයේ (15) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *