ඡන්දෙට වියදම් කරන සල්ලි වී ගන්න දෙන්න..! – කෘෂිකර්ම ඇමැති…

January 5, 2023 at 2:49 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට වැය වන්නේ යැයි සඳහන් වන රුපියල් බිලියන 10කට අධික මුදල මෙවර මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීමට ලබා දෙන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර රජයෙන් ඉල්ලයි.

ගොවීන්ගෙන් පසුගිය යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යාංශයට නොලැබී යෑමෙන් ගොවීන් අසීරුතා රැසකට මුහුණ දුන් බවත් මැතිවරණයක් මහ ජනතාව ඉල්ලා නොසිටින මෙහොතක මෙසේ බිලියන ගණනක් මුදල් වැය නොකර ඒ මුදලින් වී අස්වනු මිල දී ගෙන මෙරටේ ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසිය හැකි බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

එහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේ මෙවර මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර ලක්ෂ 08ක් වගා කර තිබෙන අතර වාර්තාගත වී අස්වැන්නක් අපේක්ෂා කරන බවයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කෘෂිකර්ම ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *