ඡන්දෙට ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා… රනිල් වගේ ඡන්ද කාල් දාන්නේ නෑ…! – නලින්ද ජයතිස්ස…

May 26, 2026 at 4:25 pm | by emanisa.lk

ආණ්ඩුවේ අවශ්‍යතාව හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය තැබීම බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

වර්තමාන ආණ්ඩුව 2024 සැප්තැබර් ජනාධිපතිවරණය ජයගත් පසු නොවැම්බර් මස මහා මැතිවරණයත් 2025 මැයි මම පළාත් පාලන මැතිවරණයත් වශයෙන් මාස 8ක් ඇතුළත මැතිවරණ දෙකක් පැවැත්වූ බවද ඔහු පෙන්වාදෙයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම පමා වීමට හේතුව නීතිමය බාධාවක් බවත් පාර්ලිමේන්තුව ඊට අදාළ සංශෝධන අනුමත කරන්නේ නම් මැතිවරණය වහා පැවැත්විය හැකි බවද නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

රනිල් වික්‍රමසිංහ ඡන්ද පැවැත්වීම සඳහා මුදල් නැතැයිද මුදල් තිබුණද ඡන්ද නැතැයිද කියා හිටපු ජනාධිපති රනිල් ප්‍රමාද කළ පළාත් පාලන මැතිවරණයද 2025 තම ආණ්ඩුව පැවැත්වූ බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.

දිට්වා කුණාටුව සඳහා වියදම් කළ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බවට ටිල්වින් සිල්වා සිදුකළ ප්‍රකාශයක් පිළිඳ මාධ්‍ය විමසූ අවස්ථාවේ ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *