ඡන්දපොළ ස්ථානාධිපතිවරු පිරිසක් දේශපාලන මීටිංවල! දස දෙනෙකු රාජකාරීවලින් ඉවත් කරයි!

August 4, 2020 at 9:55 am | by emanisa.lk

ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් දසදෙනකු මැතිවරණ රාජකාරි කටයුතුවලින් ඉවත් කර ඔවුන්ට එරෙහිව විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර පවසයි.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් රෝහණ පුෂ්පකුමාර කියා සිටියේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වශයෙන් නුවරඑළියේ රාජකාරි කිරීමට අයැදුම් කර සිටි ගුරුවරුන් පිරිසක් කිසියම් දේශපාලන පක්ෂයක රැස්වීම්වලට සහභාගි වී ඇති බවට පැමිණිලි ලැබුණු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *