චීන කාබනික පොහොර නැව ලංකාවට ගෙන ඒමට කටයුතු කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ජාතික ජන බලවේගයෙන් වත්තල ප්‍රාදේශීය සභාවට තරඟ කරන බව හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ හෙළි කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
මෙම අනාවරණය ඉතා ම ආන්දෝලනාත්මක හෙළිදරව්වක් බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
අදාළ පොහොර නැව ගෙන්වීම පිළිබඳ ආණ්ඩුවට චෝදනා කළ ද එහි මහ මොළකරුවන් කෙරුම්කරුවන් සිටින්නේ කා සමග ද යන්න හෙළිදරව් වී ඇතැයි ද ඇමැති අමරවීර සඳහන් කරයි.