චීන කසළ පොහොර නැව ගොඩබායි…! කෝටි 200ක් ගෙවයි…!

December 8, 2021 at 5:40 am | by emanisa.lk

චීනයෙන් මෙරටට ගෙන්වන ලද පොහොර නෞකාව බා ගැනීමට කටයුතු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි.

රුපියල් කෝටි 200ට වැඩි මුදලක් ගෙවා එම පොහොර තොගය ගොඩ බෑවේ කොතනදැයි සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද හෙතම පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කර ගෙන ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *