චීන පොහොර නැව ප්‍රතික්ෂේප කරන්න තරම් කොන්දක් ආණ්ඩුවට නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
ආණ්ඩුව තව දුරටත් උත්සහ කරමින් ඉන්නේ එම අසූචි නැව පොහොර කිරීමට බවට ද ඔහු චෝදනා කරයි.
කෙසේ වෙතත් ප්‍රතික්ෂේපිත පොහොර නැව ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප නොකරන්නේ මේ ගනුදෙනුව හරහා ලැබීමට නියමිත කොමිස් මුදල නිසාවෙන් බව ද මන්ත්‍රීවරයා කියා සිටියි.
කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍යයට පැමිණ ගහන පම්පෝරි අනුව මේ අසූචි නැව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු නොකරන අතර ජනතාව ගැන සිතන්නට තරම් වන මොළයක් කිසිම ඇමතිවරයෙකුට නැති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.