චැනල් 04 නාළිකාව යළි පච වෙයි…! පාස්කු වීඩියෝව ගලවා ගෙන දුවයි..!

September 6, 2023 at 5:48 pm | by emanisa.lk

Channel 4 නාළිකාව පාස්කු ප්‍රහාරය අලළා නිර්මාණය කළ වීඩියෝව සිය වෙබ් අඩවියෙන් සහ යූටියුබ් නාළිකාවෙන් ඉවත් කර තිබේ.

පාස්කු ප්‍රහාරය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා සැලසුම් කළ බවට එමගින් වර්තමාන රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සාලේට ද චෝදනා කර තිබිණි.

ස්විට්සර්ලන්තයේ සරණාගතභාවය ඉල්ලා සිටින පුද්ගලයෙකු ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම වීඩියෝව සකසා තිබිණි.

කිසිදු පිළිගත හැකි සාධක නොමැති අදාළ වීඩියෝව ප්‍රචාරය කළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සුරේෂ් සාලේ ලිඛිතව අදාළ වීඩියෝවේ නිර්මාණකරුවන්ට දැනුම් දී තිබිණි.

කෙසේ වුව ද චැනල් 04 නාළිකාව ප්‍රසිද්ධියට පත් කළ පළමු වීඩියෝව සංස්කරණය කොට පළමු වීඩියෝවේ ආන්දෝලනාත්මක කොටස් ඉවත් කර නැවත අන්තර්ජාලයට එකතු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *