චමුදිතගේ වෑවල නිවසට අශූචි ප්‍රහාරයක්…!

February 14, 2022 at 9:15 am | by emanisa.lk

හිරු නාළිකාවේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

කේම්බ්‍රිජ් කෝට් නිවාස පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා බිය ගන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

මෙම ප්‍රහාරය සඳහා සුදු වෑන් රියක සිව් දෙනෙකු පමණ පැමිණ ඇති අතර තමන්ට වෙඩි ශබ්ද කිහිපයක් ද ඇසුණු බව චමුදිත සමරවික්‍රම පවසා තිබේ.

කෙසේ වුව ද නිවසට එල්ල කර ඇත්තේ ගල් සහ අසූචි ප්‍රහාරයක් බව දැනගන්නට තිබේ.

ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය ලේකම් ලෙස ද කටයුතු කළ අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස