ඝානාවට දෙන ඉහළ IMF සහන ලංකාවට නැත්තේ ඇයි…! – මහ බැංකු අධිපති පිළිතුරු දෙයි…

July 6, 2024 at 3:42 pm | by emanisa.lk

ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය සහනය රටේ ණය ප්‍රමාණය, ගෙවීමේ හැකියාව, රටේ ආර්ථික තත්ත්වය ආදී කරුණු සැලකිල්ලට ගෙන ලබා දෙන අතර එය වැඩි කරන ලෙස කිසිදු රටකට ඉල්ලා සිටීමේ හැකියාවක් නැතැයි ද මහ බැංකු අධිපතිවරයා කීය.

ඒ අනුව විශාල වශයෙන් ණය අඩු ආදායම් ලාභී ඝානාව සහ සැම්බියාව වැනි රටවල ණය ස්ථාවර කිරීම සඳහා ලබා දෙන සහනය මැදි ආදායම් රටක් වන ලංකාවට ලබා නොදෙන බව ද හෙතෙම අවධාරණය කරයි.

එහෙයින් විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම ද නිවැරදි තත්ත්වයක් නොවන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් ක‍ළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *