ගෝනි බිල්ලන් රට හදන්න ඉල්ලීම විහිළුවක්…! – සජිත්…

February 7, 2023 at 11:00 pm | by emanisa.lk

භීෂණයේ පීතෘවරු ලෙස කටයුතු කළ ගෝනිබිල්ලන් රට හදන්න ඉල්ලීම තරම් විහිළුවක් තවත් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රට ගොඩනගන බවට පාරම්බාන මෙම පිරිස වරායවල්, බැංකු, ව්‍යාපාරික ස්ථාන එක සුළු නියෝගයකින්  වසා දමා ලයිට් දැමීම පවා තහනම් කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

88, 89 කාලේ සිටි ගෝනි බිල්ලන් රට ගොඩගැනීමට විසඳුම් දෙනවැයි කියා කයිවාරු ගැසුවත් රට විනාශ කළ සුනාමි අරමුදල් චෝදනා තිබූ රාජපක්ෂලාට බලය ලබා දීමට 2005 කටයුතු කළේ ඔවුන් බවත් කැස්බෑවේ ප්‍රදේශයේදී පැවති ජන හමුවක දී සජිත් ප්‍රේමදාස  ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *