පසුගිය අරගල සමයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට අගමැති ධූරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.
“මේ රටේ අරගලය තිබුණ වෙලාවේ මේ රට සන්සුන් කරලා මේ රට ගොඩනැගීම සඳහා 2022 මැයි මාසේ 12 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණයක් අරන් මට දැනුම් දුන්නා අග්‍රාමාත්‍ය තනතුර භාරගන්න කියලා.
ඒක දැන ගත්තාට පස්සේ පොහොට්ටුවේ අය කලබල වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙනල්ලා බලපෑම් කළා. ජනාධිපතිවරයාට සිද්ධ වුණා ඔහුට අග්‍රාමාත්‍යකම දෙන්න.”
අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.