ගෝඨා ජනාධිපති වුණේ පාස්කු ප්‍රහාරය දවසේ…! – අනුර දිසානායක…

April 25, 2024 at 3:14 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

පාස්කු ප්‍රහාරකයන් සහ ප්‍රහාරය වළක්වා නොගැනීමට ක්‍රියා කළ අය ඒකාබද්ධව මෙය කළා දැයි සැකයක් තිබෙන තත්ත්වය යටතේ හෙටත් රට අනාරක්ෂිත බව ද හෙතෙම කියයි.

මෙම කාරණය කාලය විසින් හෝ දේශපාලනය විසින් යටපත් විය යුතු කරුණක් නොවේ යැයිද පරීක්ෂණ වලින් මේ ගැටලුව නිවැරදි විය යුතු යැයිද ද අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

ජන වරමක් නැති වත්මන් ආණ්ඩුවට එය කළ හැකිදැයි ප්‍රශ්න කළ අනුර දිසානායක මහතා, ජනවරම නියෝජනය කළ ජනාධිපති ගෝඨාභය මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂත් ජනතාව විසින් පලවා හැර තිබෙන බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *