ගෝඨා ගෙනැත් මගේ අවුරුදු 30ක කීර්තා නාමය විනාශ කළා…! – නිමල් ලංසා…

July 2, 2023 at 10:38 am | by emanisa.lk

නාලක ගොඩහේවා යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා පවසයි.

දේශපාලනය නොදත් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට කැඳවා වියත්මගින් රටම විපත්මගකට තල්ලු කොට තම අවුරුදු 30ක දේශපාලන ජීවිතය නැති කිරීමට උපදෙස් දුන්නේ ද නාලක ගොඩහේවා බවයි, ඔහු සඳහන් කළේ.

සියලු රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් පත් කිරීමට ගෝඨාභයට උපදෙස් දුන්නේ නාලක ගොඩහේවා බවටත් දුක සේ වැඩ කොට තමන් ගොඩනඟා ගත් කීර්ති නාමය ද විනාශ කළේ ඔහු බවටත් ලංසා චෝදනා කරයි.

ඒ සියල්ල අමතක කර දැන් කිසිදු ලැජ්ජාවක් නැතිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට උපදෙස් දෙන්නේ නාලක ගොඩහේවා බව ද නිමල් ලංසා සඳහන් කළේ ඊයේ (31) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *