ගෝඨා ගත් තීන්දුව රට ලිබියාවක් වෙන එක වැළැක්වූවා…! – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි…

July 5, 2023 at 8:29 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ උපක්‍රමශීලීව කටයුතු නොකළේ නම් ඔහුට එල්ල කළ ජාත්‍යන්තර බලපෑම මීට වඩා ප්‍රබල වන බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

උන් වහන්සේ පවසන්නේ, අරගලය පැන නැඟුණු අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂට තෝරා ගැනීමට තිබුණේ විකල්ප දෙකක් පමණක් බවයි.

පළමු වැන්න ජීවිතය පරිත්‍යාග කොට ඇමරිකානු ප්ලෑන් A ක්‍රියාත්මක වන ගොදුරක් බවට රට පත්කරන්නේ ද යන්නයි.

එහෙත් ඔහු ඒ අවස්ථාවේ ගත් තීන්දුව නිසා ජීවිත දහස් ගණනක් විනාශ වී රට ලිබියාවක් බවට පත් වීම වැළකුණු බවත් එම තීන්දුව ඉතා ම නිවැරදි බවත් අභයතිස්ස සඳහන් කරයි.

සේන තෝරදෙණිය විසින් GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY? Politics, Religion & Culture in a Time of Terror in Sri Lanka කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එකතු වෙමින් එහිමියන් මේ බව පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *