ගෝඨාභය හොරෙක් කියල ඔප්පු කළොත් මන්ත්‍රීකම අත හරිනවා…! – මහින්දානන්ද…

April 22, 2022 at 11:22 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ හොරකම් කළ බවට ඔප්පු වී ඇති එක වර්තාවක් හෝ සභාගත කළ හොත් තමා හෙට පාර්ලිමේන්තු ධූරයෙන් ඉවත් වන බව මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.

විශේෂ අධිකරණයක් පිහිටුවා දවසින් දවස නඩු අසමින් රාජපක්ෂලා හිරේ දමන්නට පසුගිය ආණ්ඩුව උත්සාහ කළ බව පැවැසූ මන්ත්‍රීවරයා, ඔවුන්ට පසුගිය අවුරුදු පහට ම හොරෙක් හොයා ගන්න බැරි වුණ බව ද කීවේය.

ගෝඨාභය රාජපක්ෂගේ ෆයිල් වසා දමා ඇති බවට රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වරුණ ලියනගේ කළ චෝදනාවට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය අලුත්ගමගේ එසේ කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ හොරකම් කළ වැලි ඇටයක හෝ අබ ඇටයක දෙයක් සොයා ගැනීමට හැකි වූයේ නම් එතුමා අද ජනාධිපති මැඳුරේ වෙනුවට සිපිරි ගෙයක සිටිනු ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ හිරේ දාන්න විශේෂ අධිකරණයක් හදලා දවසින් දවස නඩු ඇහුවා. එහි මිග් යානා ඇතුළු හැමදේම හෙව්වා. හොයලා තිබෙන හැමදේටම නඩු දැම්මා. ඒත් ඒ අවුරුදු පහේම ගෝඨාභය හොරෙක් කියලා හොයා ගන්න බැරි වුණා යැයි ද හෙතෙම කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *