තමා වැරදි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි.
අද (01) පාර්ලිමේන්තුව අමතමින් ඔහු චෝදනා කළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ (TID) අධ්‍යක්ෂවරයා එක්ව දේශපාලන වාසි තකා තමන් කොටුකර වසර 05ක් සිරගත කර තැබීමට සැලසුම් කර තිබූ බවයි.
තමාට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම විෂය පථය යටතේ සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ නමුත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කළ නිසා තමාට එරෙහිව පවරා ඇති සියලුම නඩුවලින් තමා නිදහස් කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.