රාත්‍රියට ප්රවෘත්ති බලන විට එක එක අය එක එක කතා කියනු දැකිය හැකි බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
කෙසේ වුව ද ගෝඨාභය රාජපක්ෂට සිදුකළ දේ රනිල් වික්‍රමසිංහට කරන්නට ඉඩ නොතබන බවයි, ඔහු අවධාරණය කළේ.
රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය මුළුමනින් ම ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන බව මහින්දානන්ද අලුත්ගමගේ වැඩි දුරටත් සඳහන් කළේය.