ගෝඨාට ආයෙත් සිංහල ඡන්දවලින් ජනපති වෙන්න බෑ..! මුස්ලිම් ඡන්ද හොයන්නේ ඒ නිසයි…!

February 28, 2021 at 12:03 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ යනු මෙරට සිංහල බෞද්ධයන්ගේ ඡන්ද උපරිම ගත්ත ජනාධිපතිවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරති.

නමුත් එවැනි ඡන්ද ප්‍රමාණයක් නැවතත් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ඊළග මැතිවරණයේ දී මුස්ලිම් ඡන්ද අවශ්‍ය යැයි හිතන අය ආණ්ඩුවේ ඉන්නවා ඇතැයි පවසන උන්වහන්සේ එනිසා ඊට අනුරූපීය ඇතැම් කටයුතු සිදුවන බවක් පෙනෙන්නට ඇතැයි ද උන්වහන්සේ පවසති.

සති අන්ත පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *